Monday, December 27, 2010

GraveYArd උට්ඨානය




RIP කෝඩයෙන් කොටු කර
4 රියන් කඩක ඔප්පු පවරා
කදුලක බිම හාරා වැලලූ
Never coming කලේබරයේ හුස්ම
පස හාරා සුවද දෙන කාලය දැන්...

විලක්කු එළී පාලු කපන
ගොක් අතු රටා වියලෙන art එක
බල බල මතකාවර්ජනයේ ‍යෙදෙන
පට්ටම ප‍ට්ට time passදුක්ඛ භාවනාව

වගක් වත් නැති ගානට
උන් හැත්තට පෙන්නන්න
සත්‍යය නාමමූර්ත කරන්න
sorrow මුහුදු වියලන්න
කාලය පැමිනිලා
GraveYArd උට්ඨානයට

No comments:

Post a Comment

යමක් සටහන් - කලොත් නොම සුන්