Wednesday, April 04, 2012

විඳින්න රිසි සේ මරණය සිත්සේ....

හිමින් බුර බුරා නැගෙන
රත් පැහැ දෙතොල් පරයන
කුඩා ගිනිපුපුර
අනුපිළිවෙලින් අලු පැහැ කරයි සුදු පටිය
දෙවටයෙන් ඇදෙන
සුදු පැහැ ලා රත්වූ සනීපය
ගෙන එයි රති සුවය
නොඉඳම ඉදිරියේ නළඟන
මාවතින් බැහැරව
මනසින් නග්නව
සියල් රතිරඟ
සින්නක්කරව උරුමයි සුදු පැහැ පටියට

Tuesday, January 03, 2012

ඒ ඔයාමයි.......


පහන් සිතුවිල්ලක් නම්
දෑස අද්දර නලියයි
සුලං රැල්ලක් නම්
මා සනසා නලවාලයි
ඉගිල යන්නට නම්
තවම සිත් නැති ගානයි

Friday, October 28, 2011

සොයුරියගෙන් කවියක් | ඇයටද මටද?


අද සිට මගේ ඉඩහසර මාගේ ආදරණිය කවිකාර සොයුරියටද වෙන්වන වගයි......ඇගේ නම්න් කව් මම ඈ වෙනුවෙන් පල කරමි


ක්ෂිතිජය අයිති අහසටද පොළවටද.....
මල අයිති සමනලයටද බඹරටද....
සඳ අයිති කලුවර අහසටද පුංචි ඉරබටු තරුවටද....
ඔබෙ ආදරය අයිති ඇයටද මටද?

Thursday, September 22, 2011

(මයිනස්) ජීවිත



පසිඳුරන් සනහන
සිත්පියුම් නළවන
ජීවිතවල අගය
ඉහළ පහළ....
අරුතක් හොයන් යන
පාරක ඇරඹුම
අවසානයක් වෙයිද
යන තැන නොදැන....

Monday, September 05, 2011

මම වැරදිකරු..ද?


හිත වෑවුවත් නැතත්
මට ඇඬුනත් නැතත්
කමක් නැහැ
ඔයා වාවන්න
ඔයා නාඬන්න
ඔයත් සතුටින්
මමත් සතුටින්
ඒත් ඒ දේ දෙන්න
මම කරපු දේ
වැරදිද.........?????

හිතෙන්නේම නෑ



ජීවිතයට ආවා
ජීවිතයට දැනුනා
වෙන්වෙන්නට ඇසුවා
මම යන්නට කිව්වා
දිව යන්නට සසරේ
එක පැතුමයි තිබුනේ
ඔබට පමනි පැතුමේ
වරම හිමිව ඇත්තේ
හැමදාම.............

Monday, June 06, 2011

නොනිදන්න මා සමග



















සිත්පියන් විවරයි
මල් සිතුම් පිපුනයි
දිගුදෙනෙත් වැසුනයි
පෙමට මුල පිරැවයි

දෑතගිලි බැදුනයි
සුසුම් යා වූවයි
දෙතොල් මුන ගැසුනයි
හදෙහි සුව දැනුනයි