Monday, December 27, 2010

පාරම්බායි ආයු-බෝ-වන් !!!



30 වසරකට පසු
අලු යටින් නැගිට්ට
සුදු පරෙයියා
පියාඹන්න ලෑස්තිලු ඕන්

යුද්දෙට වහුන් වී
තිබිච්ච හැම ගුනයක්ම
ආයෙත් අස්වද්දන්ට
මහත්තුරු ගොඩයි ආන්

විකුනන් කාපු හැමදේම
අලු අස්සටම ගහලා
උගේ තටු විතරක් පිහලා
පියාඹන්න උඩම දාන්



නිදහසට පින් දි දී
පවට පින දෙන්න බැරි
මහ කුලේ ඇත්තොන්ට
ඉතින් ඕන් ආයු-බෝ-වන්!!!

No comments:

Post a Comment

යමක් සටහන් - කලොත් නොම සුන්