Friday, October 28, 2011

සොයුරියගෙන් කවියක් | ඇයටද මටද?


අද සිට මගේ ඉඩහසර මාගේ ආදරණිය කවිකාර සොයුරියටද වෙන්වන වගයි......ඇගේ නම්න් කව් මම ඈ වෙනුවෙන් පල කරමි


ක්ෂිතිජය අයිති අහසටද පොළවටද.....
මල අයිති සමනලයටද බඹරටද....
සඳ අයිති කලුවර අහසටද පුංචි ඉරබටු තරුවටද....
ඔබෙ ආදරය අයිති ඇයටද මටද?

Thursday, September 22, 2011

(මයිනස්) ජීවිත



පසිඳුරන් සනහන
සිත්පියුම් නළවන
ජීවිතවල අගය
ඉහළ පහළ....
අරුතක් හොයන් යන
පාරක ඇරඹුම
අවසානයක් වෙයිද
යන තැන නොදැන....

Monday, September 05, 2011

මම වැරදිකරු..ද?


හිත වෑවුවත් නැතත්
මට ඇඬුනත් නැතත්
කමක් නැහැ
ඔයා වාවන්න
ඔයා නාඬන්න
ඔයත් සතුටින්
මමත් සතුටින්
ඒත් ඒ දේ දෙන්න
මම කරපු දේ
වැරදිද.........?????

හිතෙන්නේම නෑ



ජීවිතයට ආවා
ජීවිතයට දැනුනා
වෙන්වෙන්නට ඇසුවා
මම යන්නට කිව්වා
දිව යන්නට සසරේ
එක පැතුමයි තිබුනේ
ඔබට පමනි පැතුමේ
වරම හිමිව ඇත්තේ
හැමදාම.............

Monday, June 06, 2011

නොනිදන්න මා සමග



















සිත්පියන් විවරයි
මල් සිතුම් පිපුනයි
දිගුදෙනෙත් වැසුනයි
පෙමට මුල පිරැවයි

දෑතගිලි බැදුනයි
සුසුම් යා වූවයි
දෙතොල් මුන ගැසුනයි
හදෙහි සුව දැනුනයි

Tuesday, May 31, 2011

තවමත් ඇයම පතනෙම්



ලෝකය ගෝලාකාර විය
මිනිස්සු විවිධාකාර විය
මම විෂමාකාර විය
ඇය හිතුවක්කාර විය

කව්රුත් ලගින් නැත
එනමුදු තනිද නැත
ඇස් නම් බරව ඇත
දරන්නට කෙනෙක් නැත

පතන්නට වරම් නැත
පැතූවත් හිමිත් නැත
එසේනම් මමත් නැත
නැතත් ඈ කොහෙත් ඇත

මාළිගාව දුරද මන්දා



පාලුවෙන් හිටිය හන්දා
පාලුවට ලගින් උන්නා
ආදරය නැතිම හන්දා
ආදරය දෙන්න සිතුනා
මට නොදැනිමද මන්දා
හිත ආදරෙන් පිරුනා
සිත චංචලවු හන්දා
මාළිගාව දුරද මන්දා

Monday, May 23, 2011

තවත් වරක් එන්න




හිතටම දැනුන හැටි
තාම මතකයි
අවරට නොයා එන
හීන කලඑලියයි
පැතුමකට ලංවුනා
ඒත් තව ඈතයි
ආයෙමත් එනවනම්
හිතට සැනසීමයි

Tuesday, April 19, 2011

කතාකරපු ඇස්දෙක



දවසක් හිටගෙන ඉන්නකොට
දැක්කා ඇගේ ඇස්දෙක
ඇහුනම ඇගේ කටහඩ
පින් කරලාද දැනුනා කන්දෙක
දැනුනම ඇගේ ගතිගුන
පව් කරලාද දැනුනා හදවත

සිනහවෙන්නට ඉඩක්!!!!



අවුල් ඔක්කොම හිරකරන්
ඇස්සට දත නියවන්
පාරම් බ බා බැරිකම්
ලෝකෙට හංගමින්
කොටි වළිග අල්ලන්
හත් වරිගයට බනිමින්
තමන් දෙසම බලමින්
මේන් සිනහවෙන්නට ඉඩක්!!!!

Sunday, January 23, 2011

කොවුලා මනාපයි

හීන් සීරුවට හැදිච්ච
පුංචි හිතක මල් පිපෙන්න
කොවුලෝ උඹෙ අවසරයයි
බක් මාසේ
එකලු වෙන්න

මල් මංගල්ලෙට ඇරිච්ච
සිහිල් සුවය ගතට දැනුන
හරි ලස්සන වසන්තයට
අවසරයක් කියා දෙන්න

Friday, January 14, 2011

ආයුබෝ !!!!!!!!!

1948දි අපි සුද්දගෙන් ගත්ත නාමික නිදහසේ ඉදන් අවුරුදු 61කට පස්සෙන් පහු උදාවෙච්චි ඇත්ත නිදහසේ හිතේ
කහටක් නැතුව ඕන් එහෙනම් කිව්වා ආයිබෝන්...! දැන් ඇත්තටම කාගෙ කාගෙත් හිත් වල එක එක එව්ව ඇති මොකක්ද මේක කියල. අනන් මනන් කයි කතන්දර කියල වැල් වටාරම් වල ඔයාල පටලන්න මං මනාප නෑ. ඒත් එහෙමයි කියල අවශ්ය දේ නොකිය ඉන්නෙත් නෑ. මේක ඇවිල්ල අපේ හිත් වල තියන නිර්මාණාත්මක අදහස් එලියට දාන්න හදපු පොඩි ස්ථානයක්. අපි අපිනෙ කියල දෙගිඩියාවෙන් ඉන්න මේ ලෝකෙ කියන්න තියන දේ direct කියන pot සහ එවුන් හරි අඩුයි. ආන්න එහෙම ඉන්න අයට වෙන් වුන ඉඩ හසර තමා මේක. මාව මෙක ඇතුලෙදි අඩු වැඩි වශයෙන් හම්බෙයි ....... මට වඩා මේකෙ highlight වෙන්න ඕන ඔය කට්ටිය. එහෙනන් හම්බෙමු...........................

Saturday, January 08, 2011

නිම් නැති නුරා සිහිනය



පවසා නොනිම් අවසර
පවරා ගතෙහි උනුසුම
නෙතු පියන් වසා
අයදින උත්කෘශ්ඨ සෙනෙහස
ලං වූ සිත්හි උපදින
මනදොළ යදියි උනුසුම
පරයන සියල් සුරසැප
නිම් නැති නුරා සිහිනය

Friday, January 07, 2011

තවමත් සුන්දරයි යශෝධරා


සුවිසල් ලෝකයක
තනිවුන කුසුමක
සුවද වින්දෙමි
ගව්වක දුර සිට

මොහොතින් මොහොත
පෙති ගිලිහෙන බැව් දැන දැනම
හැර නොගියෙමි ඒ කුසුම් කැකුළ
පෙති අතර උනුහුමට ලෙන්ගතුව

වසන්තයක වෙස් ගෙන
පැමිනි අදුර වෙලා‍ගෙන
යශෝධරාව හිනැහෙන්නීය
අවසානය නිම නොකොට.....

Tuesday, January 04, 2011

පාලු හැන්දෑව


නිහඩ බව පමනි
මගේ ලොව හසරැල්ල
ජාමයක අව් රැල්ල
වියම මා සෙවනැල්ල
කණිසමේ අවසරය
කියයි ඒ දුක් කවිය
ඇරඹුමක සිහිවටන
තවත් නැත සිහිඑලඹ
තවත් නම් තණනිල්ල
පා පහස ලබනු නැත
කහ පාට මල් ගොමුව
නැවත නොම දෙයි සුවය
දහස් සිත් පුබුදන්න
වරම් නැත දෙසිතකට
එසේනම් කියනු මැන
හැන්දෑව සුන්දරද?

Monday, January 03, 2011

පහන් වැට අද්දර


නිවුනු සිතකට
අරුම කැන්දන
සිලුව නුඹමය
මගේ දිවියට

ඔබේ අද්දර
ඔබේ තනියට
පහන වන්නට
පතමි සෙනෙහස

Sunday, January 02, 2011

ආදරනීය නංගියේ..........


වරම් දෙකකින් එකම කුසකින්
බිහිවුනා අපි බිහිවුනා
උනුසුමෙන් සිත් නහව නහවා
හිනැහුනා අපි හිනැහුනා
එකම බත් පත බෙදා කා
ඇතිවුනා අපි දැඩිවුනා
‍වෙනම මොහොතක ඇයි ගියේ නුඹ
හැරදමා මා තනි වුනා

අසුරු සැනකින් හැර ගියා නුඹ
නැත අපට එය වැටහුනේ
සිහිනයක් යැයි සිතා උන්නත්
සිසිල දැනිලයි ඇහැරුනේ
කදුලු සලනට වරම් ඇති අද
වියළි වුනු ඇස් බොද වුනේ
පතිනියක වන ඔබව සරසන
සිහිනයයි ඒ බොදවුනේ

ජන්මයෙන් ජන්මය පතා ආ
සොයුරු පෙම අද ඉතිරුනේ
මගේ නැගනිය සිහින දෙව්දුව
මගේ සිහිනය හැඩ කලේ
මතුව උපදින සෑම භවයම
ඔබේ නමටයි වෙන් වුනේ
ඉතින් යන්නට අවසරයි අද
සදාදර මගෙ නංගි‍යේ.....!

සොදුරු ස්වරය



සදාතනික ආදරයක
නොනිම් පැතුම් කැටි කොටගෙන
අනන්තයක ඉම ‍සොයන්න
ඔබ එනවද මට කියන්න

පෙරදා පැතු ඔබෙ සෙනෙහස
වියැකී ගිය ඒ අරුමය
හදවත පැතු පැතුම් සමග
මා මියැදුනි සිත් මල මත

‍සොදුරිය වන්නට අවසර
නැතිමුත් මේ සිව්භව තුල
මිතුරිය සේ පිදු සෙ‍නෙහස
විදිනෙමි මහමෙරක් ලෙසට

හදවත මා එක්ටැම් ගෙය
තනිවූ මේ ලෝකය තුළ
ගිමන් හළක සුව දැනුනා
ඔබ මා ගෙවු ඒ කාළය

නිහඩ වන්න එපා වරම්
අප එක්කළ සොදුරු ස්වරය
කවියක් වී වැළදගන්න
මිතුරු මහට වරම් දෙන්න...