Wednesday, December 29, 2010

බිබික්කම



ආදි කාලෙ සිට නම කියවෙන
ආච්චිලගෙ සීයලගෙ කෑමෙ වෙච්ච
"බිබික්කම"
මට හරි ප්‍රශ්නයක්

දෙය්යන්ගෙ නාමෙට
මොන බිබික්කමක්ද මේක????!!!!

සෙරෙප්පු පාර


කකුල් දෙකක රැදි
වාං පතුල් පෙති
හතර වටින් ඉම හොයා
පාරක් හොයයි යන්නට

8 සයිස් කකුල් වලට
9 සයිස් flip flop
40 පිරිමින්ට
18-20 කෙලි හුරතල්
රු 25 ප්ලේන්ටියට
හැදි 4ක් සීනි හලන්
අත ‍ලෙවකන ස‍මාජයක
මහ එවුන්ගෙ බබා චූන්

පිත්තල බොත්තම් අස්සේ
කලු කඩ කොළ වල සද්දේ
කහ රෙදි පූජා අස්සේ
පන්දම් පාළිය සෙලවේ

ඉම නොපෙනෙන එක යායක
හම යනකන් වනු ගාගෙන
අද්ද අද්ද යන්නම යන
සෙරෙප්පුවට නමෝ නමන්

Monday, December 27, 2010

GraveYArd උට්ඨානය




RIP කෝඩයෙන් කොටු කර
4 රියන් කඩක ඔප්පු පවරා
කදුලක බිම හාරා වැලලූ
Never coming කලේබරයේ හුස්ම
පස හාරා සුවද දෙන කාලය දැන්...

විලක්කු එළී පාලු කපන
ගොක් අතු රටා වියලෙන art එක
බල බල මතකාවර්ජනයේ ‍යෙදෙන
පට්ටම ප‍ට්ට time passදුක්ඛ භාවනාව

වගක් වත් නැති ගානට
උන් හැත්තට පෙන්නන්න
සත්‍යය නාමමූර්ත කරන්න
sorrow මුහුදු වියලන්න
කාලය පැමිනිලා
GraveYArd උට්ඨානයට

radikalවාදී උන්ගෙම රස්සාව



කාලයක් නැතුව ඉදලා
හරි boring ජීවිතේ
Athal එකක් ගන්න
7.30ට වැල්ලවත්තෙ
18,20 කෑල්ලක්
set කරගෙන ඉතින්
අද්දයි sea side
නැත්තම් clubbin
රෑට රෑ වෙලා
කෑල්ල එක්ක swinging.........

සල්ලි සල්ලි බලන්නෙ මොකටද
ආතල් හැමදාම ගන්නවැයි??
දවාලට තුට්ටුවක් නොවටින
රටේ නැති පද කියන
ආත්මයක් නෑමයි කියන
එහෙව් ගෑනුන්ගෙන්
Swinging මිස
මොන hangingද??
ලවක් දෙවක් නැතිව fun ගන්න
තොපෙත් මොන හැගීම්ද????

පාරම්බායි ආයු-බෝ-වන් !!!



30 වසරකට පසු
අලු යටින් නැගිට්ට
සුදු පරෙයියා
පියාඹන්න ලෑස්තිලු ඕන්

යුද්දෙට වහුන් වී
තිබිච්ච හැම ගුනයක්ම
ආයෙත් අස්වද්දන්ට
මහත්තුරු ගොඩයි ආන්

විකුනන් කාපු හැමදේම
අලු අස්සටම ගහලා
උගේ තටු විතරක් පිහලා
පියාඹන්න උඩම දාන්



නිදහසට පින් දි දී
පවට පින දෙන්න බැරි
මහ කුලේ ඇත්තොන්ට
ඉතින් ඕන් ආයු-බෝ-වන්!!!

Sunday, December 26, 2010

පිනොකියො යාලුවා



මොන දුක ආවත්
මන් උඹ ලග
කාලද ඉන්නෙ ? වෑඩ කටයුතු කොහොමද?
අහනව අහනව ඉවරයක් නෑ
මොනා උනත්
හදිස්සියක් උන වෙලාවට
"මන් ගාව නම් බෑ බන්, සොරි හොදෙ?"
කියන්නවත් ඉන්නෙ උඹ විතරනෙ
ඈති තොගෙ නහය
දික් වෙන්නෙ නෑ
උනානම් හෙම???
උඹෙ සෑහෙන දික් වෙලා