
කකුල් දෙකක රැදි
වාං පතුල් පෙති
හතර වටින් ඉම හොයා
පාරක් හොයයි යන්නට
8 සයිස් කකුල් වලට
9 සයිස් flip flop
40 පිරිමින්ට
18-20 කෙලි හුරතල්
රු 25 ප්ලේන්ටියට
හැදි 4ක් සීනි හලන්
අත ලෙවකන සමාජයක
මහ එවුන්ගෙ බබා චූන්
පිත්තල බොත්තම් අස්සේ
කලු කඩ කොළ වල සද්දේ
කහ රෙදි පූජා අස්සේ
පන්දම් පාළිය සෙලවේ
ඉම නොපෙනෙන එක යායක
හම යනකන් වනු ගාගෙන
අද්ද අද්ද යන්නම යන
සෙරෙප්පුවට නමෝ නමන්
No comments:
Post a Comment
යමක් සටහන් - කලොත් නොම සුන්